ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝකය පළ කර තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගත්ථ වීම ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවක් බවයි.
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කිතු සමිදුන් පෙන්වාදුන් මඟ මැනවින් හඳුනාගනිමින් කතෝලික සභාවට ලබාදුන් නායකත්වය කතෝලික ප්‍රජාවට පමණක් නොව ලෝකවාසී සියලු ජනතාවට පරමාදර්ශයක් වූ බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ ශෝක පණිවිඩයේ දැක්වෙනවා.