Monday, May 12, 2025

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට බාධා වන කරුණක් කාදිනල් හිමිපානන් හෙළි කරයි



පවතින නීති පද්ධතිය හා ඇතැම් නිලධාරින්ගේ මන්දගාමී පැවැත්ම හේතුවෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන බාධක මධ්‍යයේ සිදුවන බව කොළඹ අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා. 

පවතින නීතිරීති යුක්තිය ඉටුකර, රට පිරිසිදු කිරීම සඳහා ප්‍රමාණවත් නොමැති අතර එම නීතිරීති වෙනස් කිරීමට රජය පියවර ගත යුතු බවයි කාදිනල් හිමිපානන් පෙන්වා දුන්නේ. 

පාස්කු ප්‍රහාරය සිදු වී වසර 06ක් ගත වීම නිමිත්තෙන් එම ප්‍රහාරයේ වින්දිතයන් සිහිපත් කිරීම සඳහා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද පැවති සැමරුම් වැඩසටහනකට එක්වෙමින් කාදිනල් හිමියන් මෙම අදහස් පළ කළා.


වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනඑනු ඇතැයි බලාපොරොත්තු වන බවද මැල්කම් කාදිනල් රංජිත් හිමියන් එහිදී කියා සිටියා.