Tuesday, April 22, 2025

General line - 0115112241

සාධු නාද මැද සිරි දළදා වන්දනාව අද පස්වන දිනටත්

කමල් සුරවීර



ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින් ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” අද පස්වන දිනටත් පැවැත්වෙනවා. 

අද දිනයේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ අරමුණින් යුතුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සැදැහැවතුන් ඊයේ රාත්‍රියේත් දිගු පෝලිම්වල රැඳී සිටියා. 

ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.  


සැදැහැවතුන් සඳහා දළදා වන්දනාවට වැඩි වේලාවක් වෙන් කිරීමේ අරමුණින් ඊයේ දිනයේ සිට පෙරවරු 11.30 සිට පස්වරු 05.30 දක්වා සිරි දළදා වන්දනාව සඳහා වෙන්කල කාලය දීර්ඝ කර තිබෙනවා.