Sunday, April 27, 2025

General line - 0115112241

උසස් පෙළ ප්‍රතිඵල අද රාත්‍රියේ



2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වූ සියලු කටයුතු අවසන් අදියරේ පවතින බවයි.
 

උසස් පෙළ විභාගය පසුගිය නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත් වුණා. 

ඒ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,312කදීයි. 2024 උසස් පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස් තුන්දහස් එකසිය අසූ පස් දෙනෙකු අයදුම් කර තිබූ බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.