Monday, April 28, 2025

General line - 0115112241

කාසල් රෝහල අවට ප්‍රදේශවල උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින් අධිකරණ නියෝගයක්



බොරැල්ල පොලිස් වසමේ කාසල් කාන්තා රෝහල ඉදිරිපිට හෝ ඒ අවට ප්‍රදේශවල අද පෙරවරු කාලයේ පෙළපාලි හෝ උද්ඝෝෂණ පැවැත්වීම වලක්වාලමින් අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබෙනවා. 

ඒ, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව පවත්වනු ලබන තරග විභාගයට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමට සූදානමක් ඇති බවට ලද තොරතුරක් මත, බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. 

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ සම කැඳවුම්කරු එම්.එන්.එම්. නුස්රි, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ ලේකම් නඳුන් හේවාපතිරණ සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් යන අය වෙත අදාළ ආඥාව නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.