“සිරි දළදා වන්දනාව” පැවති සමයේ සැදැහැවතුන් විසින් බැහැර කරන ලද කසළ කළමනාකරණය සම්බන්ධයෙන් මහනුවර මහනගර සභාව ගැටලුවකට මුහුණ පා සිටිනවා.
මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ දළදා වන්දනාව පැවති සමයේ පමණක් කැලිකසළ ටොන් 625ක් ගුහාගොඩ කසළ අංගනයට බැහැර කර ඇති බවයි.
එම කසළ තොගය වෙන්කර නොතිබීම හේතුවෙන් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් දැඩි ගැටලුවක් මතුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.