Monday, May 5, 2025

General line - 0115112241

සබරගමුවේ නවක වදයට සම්බන්ධ සිසුන් 04ක් CID අත්අඩංගුවට



සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන්ට නවක වදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින්. 

එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන්ට නවක වදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා. 

අත්අඩංගුවට ගැණුනු සැකකාර සිසුන් සිව්දෙන අද දින බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.