Tuesday, May 6, 2025

General line - 0115112241

ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අවසන් අදියරේ



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවනවා.

ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද උදෑසන 07.00ට ආරම්භ වූ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ.

ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු ග්‍රාම නිලධාරින්ගේ මාර්ගයෙන් ක්‍රියාත්මක බවද ඔහු කියා සිටියා.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මධ්‍යස්ථාන 13,759කදී හෙට උදෑසන 07.00 සිට පස්වරු 04.00 දක්වා පැවැත් වෙනවා.

ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් හයදහස් තුන්සිය තිස් අටක්. පළාත් පාලන ආයතන 339ක කොට්ඨාස 4,877ක ඡන්ද විමසීම පැවැත්වෙනවා.

එමඟින් තෝරා පත්කර ගැනීමට නියමිත සභික සංඛ්‍යාව 8,287ක්.

ඒ සඳහා දේශපාලන පක්ෂ 49කින් සහ ස්වාධීන කණ්ඩායම් 257කින් අපේක්ෂකයින් 75,589 දෙනෙකු තරග කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. 

හෙට පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා එක් එක් ප්‍රදේශවල පවතින සූදානම සම්බන්ධයෙන් ද නෙත් නිවුස් තොරතුරු සොයා බැලුවා. 

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්ගෙන්.

මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මේ වන විට අවසන් වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ.

හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින සූදානම පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාරගෙන්.

පුත්තලම දිස්ත්‍රික්කයේ ද ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත පැවසුවේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සඳහා පවතින සූදානම පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු උපාලි ආනන්දගෙන්.

වව්නියාව දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ මෙම වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.