නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගලයෙකු පාලනය කිරිම සදහා පොලීසිය වෙඩි තැබූ පුවතක් අද කටුනායක 18 කණුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අද උදෑසන 10යි 15 ට පමණ කටුනායක, 18 කණුව, මායිම් පාර ප්‍රදේශයේ නිවෙසකට කිසියම් පුද්ගලයෙකු පැමිණ පහර දෙමින්, කළහකාරී ලෙස හැසිරෙන බවට, එම නිවෙස් හිමියන් සීදූව පොලීසිය වෙත පැමිණිළි කර තිබුණා.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානයට යන විටත්, ඔහු එම ස්ථානයේ රැදී සිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔහු පාලනය කර එම ස්ථානයෙන් ඉවත් කිරිමට උත්සහ දරද්දී එම පුද්ගලයා පොලිස් නිලධාරීන් වෙත ද ප්‍රහාර එල්ල කර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.
එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයාට වෙඩි තබා තිබෙනවා.
මෙම ගැටුමෙන් පොලිස් නිලධාරීවරයෙකු ද තුවාල ලබා ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර සදහා සීදුව රෝහලට ඇතුලත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සීදුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.