Thursday, April 25, 2024

General line - 0115112241

රියෝ ඔලිම්පික් සවාරිය ගැන දයාසිරි කට අරී




රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට නිලධාරීන් 40කට වැඩි පිරිසක් සහභාගි කරවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. අමාත්‍යවරයා පැවසුවේ අදාළ චෝදනා අසත්‍ය බවයි.

අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“බොහොම පැහැදිලියි 40ට අඩු සංඛ්‍යාවක් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ගිහිල්ලා තියෙන්නේ. ගිය ප්‍රමාණය අත්‍යවශය නිලධාරීන් සහ පිරිස් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඉතිහාසයේ මීට වැඩිය පිරිස් එක්කරගෙන ගිය අවස්ථා තියෙනවා. හැබැයි ඒවත් නෙමෙයි මේ අයට උවමනා වෙළා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශය කරගෙන යන වැඩපිළිවෙලට මඩ ගහන්න. ඒවට අපි මුහුණ දෙන්න සූදානම්. ක්‍රීඩාවේ උණ්නතිය වෙනුවෙන් ගන්න පියවර ඉදිරියටත් ගන්නවා”.

මෙම කරුණු සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා වෙත වාර්තාවක් ලබාදුන් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

“මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රීඩා අමාත්‍යංශය විදිහට අනුග්‍රහය දක්වන සහ ක්‍රීඩා අමාත්‍යංශයේ රාජ්‍ය මුදල් භාවිතා කරලා යන පිරිසගේ ප්‍රමාණය. ඊට අමතරව ඔලිම්පික් කමිටුවට පුළුවන් ඔලිම්පික් කමිටුවට අවශය කරන ප්‍රමාණය ඒයාලගේ මුදල්වළින් අරගෙන යන්න.මේ දෙක පටලවගෙන මේ සම්බන්ධව අසත්‍ය වාර්තා ලියපු පත්තර කිහිපයක් තිබුණා. මේ වාර්තා පදනම් කරගෙන තමයි මම හිතන්නේ අගමැති තුමා වාර්තාවක් ඉල්ලා තිබුණේ. ඒ අනුව අපි බොහොම පැහැදිලිව අමාත්‍යංශය හරහා මුදල් වෙන්කරලා අරගෙන ගිය අමාත්‍යංශයේ නිලධාරීන් පිළිබඳ පැහැදිලි වාර්තාවක් අගමැතිතුමාට යවලා තිබෙනවා”. 

00001dayasiri 00002dayasiri 00003dayasiri 00004dayasiri

 

සබැඳි පුවත් 

රියෝ ඔලිම්පික් චෝදනාවලට කමිටුවෙන් පිළිතුරු