මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ අද උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඒ, එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදී මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන්.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අදාළ වෑන් රථයේ ගමන් කළ පිරිස කටුනායක ගුවන්තොටුපොළට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් වන අතර ඔවුන් මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.