වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව සිදුකල සෝදිසි කිරීමකදීයි.
පසුගිය 03 වනදා මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා සිදුකල ඝාතනය සම්බන්ධයෙන් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27, 40 හා 44 වයස්වල පසුවන මීටියාගොඩ හා කහව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.