Friday, May 9, 2025

General line - 0115112241

ලාහෝර්හි ගුවන් ආරක්ෂක පද්ධතියක් විනාශ ' කළ බව ඉන්දියාව පවසයි



පාකිස්තානයේ ගුවන් ආරක්ෂක රේඩාර් සහ පද්ධති ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව  ඉන්දීයාව පවසනවා 

ඒ  අනුව  "ලාහෝර් හි ගුවන් ආරක්ෂක පද්ධතියක් අක්‍රිය කිරීමට සමත් වූ බවයි ඉන්දියාව පවසා සිටියේ 

මේ අතර ඊයේ රාත්‍රියේදී ඉන්දීය ඩ්‍රෝන යානා 25ක් වෙඩි තබා බිම දැමූ බවත් ඉන්දියාවේ ස්ථාන ගණනාවකට ඩ්‍රෝන යානා සහ මිසයිල යැවූ බවත්  පාකිස්තානය පවසනවා.

නමුත් පකිස්ථානය හමුදා ඉලක්ක ගණනාවක් විනාශ කිරීමට" ගත් උත්සාහයන් නිෂ්ක්‍රීය කළ බව ඉන්දියාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

පාකිස්තානය සමඟ "තත්වය උත්සන්න කිරීමේ අභිප්‍රායක්" ඉන්දියාවට නොමැති බවත්, නමුත් එයට එල්ල වන ඕනෑම මිලිටරි ප්‍රහාරයකට "ඉතා දැඩි ප්‍රතිචාරයක්" ලැබෙනු ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් පවසනවා 

ජයිශංකර් මහතා මේ බව කියා සිටියේ දිල්ලියේ පැවති 20 වන ඉන්දියා-ඉරාන ඒකාබද්ධ කොමිසමේ රැස්වීමේදී.