Friday, May 9, 2025

General line - 0115112241

පුද්ගලික ජෙට් යානයකින් ආපසු එන්න අනුරට සල්ලි කොහෙන්ද? - විපක්ෂයේ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් උත්තර



වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලික ජෙට් යානාවකින් නැවත මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇති වුණා. 

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කිරීමත් සමඟයි.


කෙසේවෙතත් ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ජනතාවගේ මුදල් වැය කරමින් පෞද්ගලික ගුවන් යානයකින් ජනාධිපතිවරයා මෙරටට නොපැමිණි බවයි. ඒ සඳහා වියට්නාමයේ බෞද්ධ සංගමයෙන් සම්පූර්ණ වියදම දැරූ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.