සිදුකල යුතු වෙනස්කම් කඩිනමින් කළ යුතු බව මෙවර පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රතිඵලය මගින් ජනතාව ආණ්ඩුවට පෙන්වා දී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
ජනතාව ලබාදී ඇති පණිවිඩය ආණ්ඩුව වටහාගෙන ඇති බවයි ආමත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
ජාතික මැතිවරණයක ප්‍රතිඵලය සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක ප්‍රතිඵලය සැසඳිය නොහැකි බව ද අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.