පවතින යුද ගැටුම් නැවැත්වීමට ඉන්දියාව සහ පාකිස්තානය එකඟ වී තිබෙනවා.
අමෙරිකාවේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එම එකඟතාවට එළඹ ඇති බවයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.
ඒ අනුව, ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර පාකිස්තාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් පවසන්නේ පාකිස්තානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වූ බවයි.
එමෙන්ම මෙම සටන් විරාමය ඉන්දියාවද තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසා ඇත්තේ ඒ අනුව සියලු ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර ඇතුළු පාකිස්තානයට එරෙහි සියලු ප්‍රහාර නවත්වන බවයි.