Monday, May 12, 2025

General line - 0115112241

ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්



සම්බුදු වෙසක් තෙමඟුල නිමිත්තෙන් ශ්‍රී පාද උඩමලුවේ පිංකම් රැසක් අද දවස පුරා පැවැත්වෙන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, බෙංගමුවේ ධමිමදින්න නාහිමියන් පවසනවා. 

වෙසක් දිනයේ ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගැනීමට සහ සිල් සමාදන්වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල පිරිසක්    ශ්‍රී පාද උඩමලුව වෙත කරුණාකර ඇති බවයි උන්වහන්සේ පැවසුවේ. 
 

මේ අතර මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද රාත්‍රී 12න් අවසන් කරන බවද      ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පැවසුවා. 

උන්වහන්සේ කියා සිටියේ ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව හෙට දින ශ්‍රී පාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දර මාර්ගය, හැටන් නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල මාර්ගය සහ නල්ලතන්නිය බගවන්තලාව බලන්ගොඩ යන මාර්ග ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා වඩමවන බවයි. 

මේ, ඒ පිළිබඳ තවත් තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ.


චාරිත්‍රානුකූලව ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එසේ වඩම්මවන සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැම්පත් කෙරෙනු ඇති.


අවාරයේදී විදේශීය සංචාරකයන්ට ශ්‍රී පාදස්ථානයේ සංචාරය කිරීමට නල්ලතන්නි පොලිසිය දැනුවත් කර යාමට අවසර ලබා දී තිබෙනවා. 

දේශීය සංචාරකයන්ටද ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් අවසර ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කර අවසර ලැබීමෙන් පසු නල්ලතන්නි පොලිසියට අවසර පත ඉදිරිපත් කර  ශ්‍රී පාදය කරුණා කිරීමට අවසර දී ඇති බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.