Wednesday, May 28, 2025

General line - 0115112241

ආගමන නීති දැඩි කිරීමට බි්‍රතාන්‍ය රජය සැරසෙයි



බ්‍රිතාන්‍යයේ ආගමන විගමන නීති දැඩි කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව සියලුම වීසා අයදුම්කරුවන් සහ ඔවුන්ගේ වැඩිහිටි යැපෙන්නන් සඳහා ඉංග්‍රීසි පරීක්ෂණ දැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මීට පෙර ක්‍රියාත්මත වූ වසර පහකට පසු ස්වයංක්‍රීයව පදිංචි තත්ත්වය ලබා ගැනීමේ ක්‍රමය වෙනුවට බ්‍රිතාන්‍යයේ පදිංචි වීම සඳහා අයදුම් කිරීමට සංක්‍රමණිකයින්ට වසර 10ක් බලා සිටීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. 
 

එසේම අඩු කුසලතා ඇති සේවකයින් සඳහා වීසා ලබා දීම අඩු කිරීම සහ සංක්‍රමණිකයින් සඳහා භාෂා අවශ්‍යතා ඉහළ නැංවීම එලෙස ආගමන විගමන නීති දැඩි කිරීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

කෙසේ වෙතත් එරට ආගමන විගමන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් පොරොන්දු වී තිබෙනවා.

  බ්‍රිතාන්‍යයේ සිටින සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම සඳහා එම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.  

බ්‍රිතාන්‍ය  අගමැතිවරයා අනතුරු අඟවන්නේ සමාජ සහජීවනය පවත්වා ගත නොහැකි නම් සංක්‍රමණිකයන්ට බි්‍රතාන්‍යය ආගන්තුකයන්ගේ දූපතක් වීමේ අවදානමක් ඇති බවයි.