Tuesday, May 20, 2025

General line - 0115112241

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ තත්ත්ව පරීක්ෂාවට ලක් කිරීමට අවධානය



ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ කඩිනමින් තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. 

එහි සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා නෙත් නිවුස් සිදුකල විමසීමකදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ඉදිරියේදී සියලුම ප්‍රාදේශී කළමනාකරුවන් වෙත ලබාදෙන බවයි.


පසුගිය 11 වනදා කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරට ලක් වූ බස් රථය ධාවනයට යොමු කිරීමේදී පැවති තත්ත්වය සම්බන්ධයෙන් ද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී අදහස් පළ කළා.