Tuesday, May 20, 2025

General line - 0115112241

රුසියාව විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය දියත් කළ බවට යුක්‍රේනයෙන් චෝදනා



යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු රුසියාව යුක්‍රේනයට එල්ල කළ දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාරය ඊයේ දියත් කර තිබෙනවා. 

යුක්‍රේනයේ කියෙව් ඇතුළු කලාප කිහිපයක් ඉලක්ක කරගත් එම ප්‍රහාරවලින් එක් කාන්තාවක් මියගොස් ඇති බවයි යුක්‍රේන බලධාරින් පවසන්නේ. 

යුක්‍රේන ගුවන් හමුදාව පවසන්නේ මධ්‍යම කියෙව් කලාපය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර රුසියානු ඩ්‍රෝන යානා 273ක් ප්‍රහාර එල්ල කළ බවයි. 

ඉන් ඩ්‍රෝන යානා 88ක් අල්ලා ගත් බවත් තවත් ඩ්‍රෝන යානා 128ක ප්‍රහාර නිශ්ක්‍රිය බවත් යුක්‍රේනය පවසා තිබෙනවා. 

මීට පෙර රුසියාව යුක්‍රේනයට එල්ල කළ විශාලතම ඩ්‍රෝන යානා ප්‍රහාරය එල්ල කර තිබුණේ ඉකුත් පෙබරවාරි 23 වනදායි. 

පූර්ණ පරිමාණ යුක්‍රේන ආක්‍රමණයේ තුන්වන සංවත්සරයේදී එල්ල කළ එම ප්‍රහාරයට ඩ්‍රෝන යානා 267ක් යොදාගෙන තිබුණා. 

රුසියාව විසින් යුක්‍රේනයට මෙවැනි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත පසුබිමක් තුළ වීම විශේෂත්වයක්.