මෙම මස 15 වනදා වන විට ලෝක රත්‍රං මිලෙහි සීඝ්‍ර පහළ යාමක් දක්නට ලැබුණ ද නැවතත් රත්‍රං මිල ඉහළ යමින් පවතින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.
එහි සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ මීට සාපේක්ෂව මෙරට රත්‍රං වෙළඳපොලේ මිල ගණන් ද යාවත්කාලීන වී ඇති බවයි.
පවත්නා තත්ත්වයන් හමුවේ රත්‍රං මිල ඉදිරියේදී අඩුවිය හැකිද? ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා ඊට දැක්වූ ප්‍රතිචාරයයි මේ.