Friday, May 30, 2025

General line - 0115112241

යුද හමුදා සෙබළුන් පිරිසක් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් මනම්පිටියේදී අනතුරක

රොෂාන් තෙන්නකෝන්



මනම්පිටිය - අරලගංවිල මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් ඇතුළු 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

ඒ, එම පිරිස ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය ගසක ගැටී සිදු වූ අනතුරකින්. 

තුවාල ලැබූවන් මනම්පිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මින්නේරිය යුද හමුදා කඳවුරට අනියුක්තව රාජකාරි කරන සෙබළුන් පිරිසක් එලෙස තුවාල ලබා තිබෙනවා.