අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් අද පස්වරුවේ නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
එතුමියගේ දේහය ජාතික චිත්‍රපට සංස්ථාවේ සිට නිදහස් චතුරස්‍රය දක්වා රැගෙන එන අවමංගල්‍ය පෙරහැර අද උදෑසන 07යි 30ට ආරම්භ වනවා.
ඒ අනුව අවමංගල්‍ය පෙරහැර පෙරවරු 07යි 30ට බෞද්ධාලෝක මාවතේ ජාවත්ත හන්දියෙන් ආරම්භ වී බොරැල්ල දෙසට ගමන් කර මෙට්ලන්ඩ් පෙදෙස හන්දියෙන් වමට හැරී මෙට්ලන්ඩ් පෙදෙස මාර්ගය ඔස්සේ ගමන් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ හන්දියෙන් වමට හැරී නිදහස් මාවත ඔස්සේ ගමන් කර පෙරවරු 09ට නිදහස් චතුරස්‍රය වෙත පැමිණීමට නියමිතයි.
මෙම අවමංගල්‍ය පෙරහැර හා අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර අවමංගල්‍ය පෙරහැර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ හන්දියේ සිට නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමේදී විනාඩි 15ක කාලයක් සඳහා නිදහස් වටරවුම සිට නිදහස් මාවතට ඇතුළුවන රථවාහන සීමා කරන බව පොලීසිය පැවසුවා.
අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන පස්වරු 04 සිට පස්වරු 06 දක්වා කාලය තුළ නිදහස් මාවත සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරියෙන් දිවෙන ප්‍රේමකීර්තිද අල්විස් මාවතේ අවහිරතාවක් ඇති වීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවට දැනුම්දෙන්නේ.
විකල්ප මාර්ග ලෙස නිදහස් වටරවුමේ සිට බෞද්ධාලෝක මාවතට ගමන් කරනු ලබන වාහන නිදහස් වටරවුමේ සිට තුන්මුල්ල හන්දිය දෙසට දිවෙන පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ගොස් රාජකීය විද්‍යාලය අසලින් වමට හැරී ගමන් කරනු ලබන මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත ඔස්සේ ගමන් කර බෞද්ධාලෝක මාවතට පිවිසිය හැකි බව පොලීසිය සඳහන් කළා.