වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා සහල් හිඟයක් පවතින බව සිදු කළ සොයාබැලීමකදී අනාවරණ වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ සිය ආයතනය වෙළඳපොළේ පවතින සහල් තොග පිළිබඳ නිරන්තරයෙන් සොයා බලන බවයි.
වෙළඳපොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සහල්වල මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා.
සිය නිලධාරීන් අඛණ්ඩව වැටලීම් සිදු කිරීම හේතුවෙන් කූට ව්‍යාපාරිකයින් වෙළඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය කර ඇති බවට සැක මතුවන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.