වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද දිනයේ විශේෂඥ වෛද්‍යවරයකුගේ පරීක්ෂාවකට ලක්කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඒම බන්ධනාගාර රෝහලට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරයා වෙත හිටපු අමාත්‍යවරයා යොමු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
අදාළ විශේෂඥ වෛද්‍යවරයා ලබා දෙන නිර්දේශ මත හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සම්බන්ධයෙන් කටයුතු කිරීමට නියමිතයි.
රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගිය 24 වනදා ගල්කිස්ස අධිකරණයේ සිට පළමුව මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.
සැකකාර හිටපු අමාත්‍යවරයාට අදාළ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ප්‍රතිකාර ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව පළමුව මැගසින් බන්ධනාගාරය වෙත වෛද්‍යවරයෙකු පැමිණ ඔහු පරීක්ෂා කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
එහිදී අදාළ වෛද්‍යවරයාගේ ද නිර්දේශ මත හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කෙරුණා.