ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකින් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 07ක් දැවී ලකුණු 184ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම 19 වන පන්දු වාරයේදී තරගය ජය ගත්තේ කඩුලු 03ක් පමණක් දැවී තිබියදීයි.
මෙම තරගය කණ්ඩායම් දෙකම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ අවසන් තරගයයි.
මෙම ජයග්‍රහණයත් සමග අවසන් වටයේ පළමු කණ්ඩායම් 02 අතරට පිවිසීමට පංජාබ් කින්ග්ස් කණ්ඩායමට හැකි වුණා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් අවසන් වටයේදී තවත් තරග දෙකකට මුහුණ දී ඉන් ජය ගැනීමට සිදු වනවා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන ද පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග ද කටයුතු කරනවා.