ගස් දෙකක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ ඔහිය - හෝර්ටන්තැන්න මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම ප්‍රදේශයට පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් ඕහිය දුම්රිය ස්ථානය අසල මාර්ගයට අද උදෑසන එම ගස් දෙකක් කඩා වැටී තිබුණා.
ඒ හේතුවෙන් ලොරි රථයකට, ජේ.සී.බී යන්ත්‍රයකට, වෑන් රථයකට සහ ඕහිය දුම්රිය ස්ථානයේ ඇතුළු වීමේ වහලයට ද හානි වී සිදු වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අධික සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල විදුලි බලය ද විසන්ධි වී ඇති අතර විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් පවතිනවා.
බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔහිය හා තදාසන්න ප්‍රදේශවලට මේ දිනවල ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට සූදානම් වන ලෙසයි.