Wednesday, May 28, 2025

General line - 0115112241

ගිනිඅවියක් සමග සැකකරුවෙකු වැල්ලවායේ දී පොලිස් අත්අඩංගුවට



වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලම කණ්ඩියායගම ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කුමන හේතුවක් මත මෙම ගිනිඅවිය ළඟ තබාගෙන සිටියේ ද යන්න නිෂ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු හතළිස් තුනක පුද්ගලයෙකු වන බවයි සදහාන් වන්නේ. 

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.