Thursday, May 29, 2025

General line - 0115112241

එකපිට එක ලෙඩ වූ දුම්රිය රියදුරන්ට වෙන්න යන දේ

එන් ඒ ඩබ් නිරෝෂන්



දුම්රිය රියදුරන් පිරිසක් එකවර නිවාඩු ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ අදාළ සිද්ධිය වූ දිනයේ දුම්රිය රියදුරන්  20 දෙනෙකු එකවර නිවාඩු ලබා ඇති බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරන්ගේ දැඩි හිඟයක් තවමත් පවතින බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා ද ඊයේ අදහස් පළ කළේ මෙලෙසයි.

<

දුම්රිය රියදුරන් පිරිසක් එකවර නිවාඩු ලබා ගැනීමේ මෙම සිද්ධිය හේතුවෙන් ඉකුත් දා දැඩි දුම්රිය ප්‍රමාදයක් සිදු වුණා. මගීන් පැවසුවේ බොහෝ දුම්රියන් සැලකිය යුතු වේලාවක් ප්‍රමාද වී ධාවනය වූ බවයි.