පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පැවසුවේ මීට පෙර නියම කර තිබූ පරිදි අද උදෑසන 8.00ට වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි.
ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබෙනවා.
පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා අද අලුයම නෙත් නිවුස් වෙත පැවසුවේ අධිකරණය ඊයේ ලබාදුන් තීන්දුව ද වර්ජනය අත්හිටුවීමට හේතු වූ බවයි.
ඊයේ උදෑසන 08.00 සිට පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාව සහ භෞත චිකිත්සක සේවාවේ වෘත්තිකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ පරිපූරක වෛද්‍ය සේවාව සඳහා බඳවා ගැනීමේ ගැටලුවක් මුල්කර ගනිමින්. කෙසේවෙතත් මෙම වර්ජනය හේතුවෙන් ඊයේ රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත් වුණා.