පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන පක්ෂ අතර උණුසුම් තරඟයක් පවතිනවා.
මේ අතරින් වැඩි අවදානයක් යොමු වී ඇත්තේ කොළඹ මහනගර සභාව සම්බන්ධයෙන්.
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන තිබෙන්නේ සජබයයි.
විපක්ෂයේ කණ්ඩායම් එකතු කර ගනිමින් බලය පිහිටු වීමේදී පළාත් පාලන ආයතන වලට සභිකයින් පත්කිරීමේදී සිදු වූ විවිධ හැල හැප්පීම් හේතුවෙන් සජබයේ හිටපු ආසන සංවිධායකවරුන් තමන්ගේ ධුරවලින් ඉවත්වුණා.
සජබයේ මෙම අර්බුදය ඇතුළු දේශපාලනයේ තිරය පිටුපස කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.