Saturday, May 31, 2025

General line - 0115112241

ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට බහරේනයේ රැකියා අවස්ථා



ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට බහරේනයේ රැකියා ආකර්ශනයක් ඇති වී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසනවා. 

ශ්‍රි ලාංකික පුහුණු ශ්‍රමිකයින් සඳහා බහරේනයේ පුළුල් රැකියා අවස්ථා ලබාගත හැකි බවද ඔහු සඳහන් කළා. 

ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ද්වි පාර්ශවික සහයෝගිතාව ශක්තිමත් කිරීම හා බහරේනයේ සිටින   ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුභසාධනය හා ආරක්ෂාව වැඩිදියුණු කිරිමේ අරමුණෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති එරට සංචාරයක නිරත වුණා. 

එහිදී ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් හා පුහුණු ශ්‍රමිකයින් බහරේන රාජ්‍යයේ රැකියා සඳහා බඳවාගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, ආචාර ධර්මානුකූල බඳවාගැනීමේ ක්‍රම, ඔවුන්ගේ සුභසාධන හා ආරක්ෂණ යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.