Saturday, April 20, 2024

General line - 0115112241

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කරපු හැටි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සඳහා බලපෑ ප්‍රධාන හේතු 3ක් හඳුනාගත හැකි බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසඳයේ ප්‍රධාන ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසනවා. සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් හැකර්වරුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම ක්‍රියා මාර්ග ගත හැකි බවයි ප්‍රධාන ආරක්ෂක රොෂාන් චන්ද්‍රගුප්ත වැඩිදුරටත් කියා සිටියේ.

1 සර්වරය යාවත්කාලීන නොකිරීම (SERVER UPDATE නොකිරීම)
2 දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය සහ මෘදුකාංග යාවත්කාලීන නොකිරීම (CONTROL PANEL & SOFTWARE UPDATE නොකිරීම )
3 ඇතුල්වීමේ කේතයන් සහ රහස් අංක ඉතාම ආරක්ෂාකාරීව භාවිතා නොකිරීම (USERNAME & PASSWORD STRICTLY CONFIDENTIAL)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියේ ඇති තාක්ෂණික දෝෂ හඳුනා ගැනීම සඳහා පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙම වෙබ් අඩවියට ඉකුත් දා එල්ල වූ සයිබර් ප‍්‍රහාරයෙන් පසු අදාළ පරීක්ෂණය ආරම්භ කළ බවයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසඳය පවසන්නේ.

මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්දයෙන් තවත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.මීට පෙර කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි පාසැල් සිසුවෙකු ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර අද මොරටුව ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයෙකු ඒ සම්බන්දයෙන්ම අත්අඩංගුවට ගැණුනා.

අත්අඩංගුවට ගත් බාල වයස්කරු සැප්තැම්බර් 02 වැනි දා ළමා නිවාසයක රැඳවුම් බාරයේ තබන ලෙසටත් මොරටුවේදී අත්අඩංගුවට ගත් 27 හැවිරිදි තරුණයා සැප්තැම්බර් 02 වැනි දා  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා නියෝග කර තිබෙනවා.