ලොව ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ “ස්පේස් එක්ස්” සිහිනයක් අදත් තප්පර 30න් විනාශ වී ගියා.
ඒ, “ස්පේස් එක්ස්” සමාගමට අයත් “ස්ටාර් ශිප්” රොකට්ටුව පුපුරා යාමත් සමගයි.
අමෙරිකාවේ ටෙක්සාස් සිට අභ්‍යවකාශයට යොමු කළ කාර්ය මණ්ඩලයක් නොමැති මෙම රොකට්ටුව දියත් කර මිනිත්තු 30කට පසු විනාශ වී ගියා.
යානයේ ඉන්ධන කාන්දුවක් ඊට හේතුව බවත් යානය පාලනයකින් තොර වූ බවත් මෙහෙයුමට එක්වූවන් පවසා තිබෙනවා.
එලෝන් මස්ක්ගේ “ස්ටාර් ශිප්” රොකට්ටුවේ සිහිනය අද මෙලෙස බොඳ වී ගියේ පළමු වරට නොවේ.
ඒ, නවවන වරටයි. මීට පෙර දැරූ උත්සාහයන් අටම මෙලෙසම ව්‍යාර්ථ වී ගියා.
“ස්ටාර් ශිප්” රොකට්ටුව සංවර්ධනය සඳහා එලෝන් මස්ක් අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වියදම් කර තිබෙනවා.