Wednesday, April 24, 2024

General line - 0115112241

LOLC සමාගම ලාභ ලබයි




LOLC සමාගම 2016 – 2017 මූල්‍ය වර්ෂයේ මුල් මාස තුනේදී රුපියල් බිලියන 3යි දශම 2ක බදු පෙර ලාභයක් උපයාගෙන තිබෙනවා.

ඉකුත් මූල්‍ය වර්ෂයේ මුල් මාස තුනේදී LOLC සමාගම උපයා ගත් බදු පෙර ලාභය රුපියල් බිලියන 2යි දශම 7ක් පමණයි. ඒ අනුව මෙම වසරේ ඔවුන්ගේ ලාභය ශක්තිමත් ලෙස වර්ධනය වී තිබෙනවා.

LOLC යනු ශ‍්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික පවුරක්. මූල්‍ය සමාගම් 3ක් සහ ලීසිං සමාගමක් හරහා එහි ව්‍යාපාර සිදුකෙරෙනවා.

මෙම මූල්‍ය සමාගම් තුන සහ ලීසිං සමාගම ද ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවස්ථාපිත නියමයන්ට අනුව කි‍්‍රයාත්මක බවයි LOLC සමූහය අවධාරණය කළේ.