පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි යතුරුපැදි කොටස් අලෙවි ස්ථානයකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකල වෙඩිතැබීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
වෙඩි තැබීමෙන් එම ස්ථානයේ සේවකයෙකුට සුළු තුවාල සිදුව ඇති අතර ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ටී -56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවද වාර්තා වනවා.