පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුට වෙඩි තබා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කලක සිට පවතින ආරවුලක් මුල්කර ගනිමින් බවට අනාවරණ වී තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාළ පුද්ගලයාට වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එහිදී තුවාල ලැබූ ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවත් එම ස්ථානයේ තිබී හිස්කොපු 12ක් සොයාගත් බවත් පොලීසිය පැවසුවා.
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බව කියන පානදුර නිලංග නමැත්තාගේ සමීපතමයෙක්.
තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලුනාව අසිත නමැත්තා සහ පානදුර නිලංග අතර කලක සිට මත ගැටුම් පවතින බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
පසුගියදා පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පිහිටි අසිත නමැත්තාගේ බිරිඳ රැඳී සිටි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
එම වෙඩිතැබීම පානදුර නිලංග නමැත්තාගේ පාර්ශවයෙන් සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඊට පළිගැනීමක් ලෙස ලුනාව අසිත පාර්ශවය විසින් පානදුර නිලංග නමැත්තාගේ සමීපතමයෙකු වන පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුට වෙඩි තබා ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.