Thursday, April 25, 2024

General line - 0115112241

උතුරේ බුදු මැදුරක් වනසයි (PHOTOS)




වවුනියාව කනගරායන්කුලම ප‍්‍රදේශයේ පිහිටි බුදු මැදුරකට පිරිසක් පහරදී එහි තිබූ දෑ කඩා බිඳ දමා තිබෙනවා.

මෙම බුදු මැදුර පිහිටා තිබුණේ කුරුසිට්ටිකුලම කෝවිල් භුමි සීමාවේයි. ඉකුත් සමයේ විශේෂ කාර්ය බලකා කඳවුරක් පැවති ස්ථානයේ අදාළ බුදු මැදුර සකස් කර තිබුණා. පහරදුන් පිරිස බුදු මැදුරේ තිබූ බුදු පිළිමයටද හානි කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

උතුරු පළාතේ බෞද්ධ විහාර ඉදිකිරීම නවතා දැමිය යුතු බවට දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්තී‍්‍රවරුන් ඉකුත්දා දැඩි ලෙස ප‍්‍රකාශ කළා. කිලිනොච්චි ප‍්‍රදේශයේ බුදු මැදුරක් ඉදිකිරීමට විරෝධය පළ කරමින් ඉකුත් 16 වැනිදා උතුරු පළාත් සභාව විසින් යෝජනාවක්ද සම්මත කර ගනු ලැබුවා.

මේ අතර වවුනියාව ප‍්‍රදේශයේ බුදු මැදුරට පහරදුන් පුද්ගලයින් සොයා කනගරායන්කුලම් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

00001vigneswaran 00002vigneswaran 00003vigneswaran 00004vigneswaran 00005vigneswaran 00006vigneswaran 00007vigneswaran 00008vigneswaran 00009vigneswaran