Thursday, April 25, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් අරන් මහින්ද යන්න සැරසෙයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සැප්තැම්බර් මස පළමුවනදා ඒකාබද්ධ විපක්‍ෂෙය් නියෝජිත කණ්ඩායමක් සමග රටින් පිටවීමට සූදානම් වනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මෙම පිරිසට දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්තෙ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ඒ.එච්.එම්. අස්වර් හා උදිත් ලොකුබණ්ඩාර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, හිටපු පලාත් සභා ඇමති උපාලි කොඩිකාර ද ඇතුළත්.

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු දේශපාලන පක්‍ෂවල ජාත්‍යන්තර සම්මේලනයට මෙම පිරිස මෙලෙස සහභාගී වන අතර සැප්තැම්බර් 05 වැනිදා දක්වා පිරිස එරට රැඳී සිටිනවා.

මේ සම්මේලනය අතරතුර චීන කොමියුනිට්ස් පක්ෂයේ නියෝජිත කණ්ඩායම සමඟ විශේෂ හමුවක් ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් පවත්වන අතර සෙසු නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් සමඟ මහින්ද රාජපක්‍ෂ මහතාද මැලේසියනු අගමැතිතුමා හමුවීමට නියමිතයි. මැලේසියානු හා වෙනත් ආසියානු දේශපාලන පක්‍ෂ සමඟත් මැලේසියානු ව්‍යාපාරික ප්‍රජාව සමඟත් ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් විශේෂ හමුවීම් පැවැත්වීමට නියමිතයි. හිටපු ජනාධිපති මැලේසියාවේ ගත කරන කාලය තුළ බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගැනීමටද නියමිත බවයි වාර්තා වෙන්නේ.