Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දු – ලංකා පාලමේ 2011 සැළසුමත් එළියට එයි




ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පාලමක් ඉදිකිරීමට සැළසුම් කිරීම පිළිබඳ අද (30) එක්සත් ජාතික පක්ෂය අනාවරණයක් සිදු කළා.

එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එඩ්වඩ් ගුණසේකර සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණ කළේ ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පාලමක් ඉදිකිරීමට සූදානම් වූයේ 2011 වසරේදී බවයි.

එහිදී හෙතෙම වැඩි දුරටත් පැවසුවේ “2011 වසරේ ජාතික භෞතික සැළසුම් ප්‍රතිපත්ති සහ සැළැස්ම තුළින් මේ බව හෙළි කර තිබෙනවා. එදා විමල් වීරවංශ යටතේ තිබූ අමාත්‍යාංශයේ මේක තියෙනවා. එහි ඉන්දියාව සහ ලංකාව යා කරන්න පාලමක් ඇති කරන්න සැළසුමක් තිබෙනවා. ඒකේ තියෙනවා ආසියානු අධිවේගී මාර්ග යනුවෙනුත් සඳහන් කරලා.” යනුවෙනි.

ලබන 10 වැනිදා කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරයට සහභාගිවන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද ආරාධනා කළ බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.