Thursday, April 25, 2024

General line - 0115112241

දඹුල්ලට සල්ලි මල්ලක් – හෙට තරගයටත් ටිකට් නැහැ




ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ඉකුත් ඉරිදා පැවති 3 වන එක්දින කි‍්‍රකට් තරගයෙන් රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයට වාර්තාගත ආදායමක් ලැබී තිබෙනවා.

කී‍්‍රඩාංගණ බලධාරින් පැවසුවේ ප‍්‍රවේශපත‍්‍ර අලෙවියෙන් පමණක් රුපියල් මිලියන 4.6 ක ආදායමක් ඉපැයූ බවයි.

තරගය නැරඹීමට පැමිණි බවට සැලකෙන පේ‍්‍රක්ෂකයින් සංඛ්‍යාව පනස්දහසක්.

මේ අතර හෙට (31) පැවැත්වෙන තරගයේද ප‍්‍රවේශපත‍්‍ර අලෙවි වී අවසන් බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (30) පස්වරුවේ නිවේදනය කළේ. එ් අනුව කිසිඳු ප‍්‍රවේශපත‍්‍රයක් හෙට දිනයේ කී‍්‍රඩාංගණයේ දොරටුවෙන් අලෙවි නොකරන බවද ප‍්‍රකාශ කෙරුණා.