Thursday, April 18, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාව එන දවස අගමැතිට වඩා විදේශ ඇමති දන්නේ කොහොමද?




බලය බෙදීම, මැතිවරණ ක‍්‍රමය වැනි කරුණු සම්බන්ධයෙන් එකඟතාවක් නොමැතිව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එ්මේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. මෙවර අයවැයට පෙර නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන එන බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යාපනයේදී කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථාව අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අග‍්‍රාමාත්‍යවරයාද ප‍්‍රකශ කර ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේ.