Wednesday, April 24, 2024

General line - 0115112241

උතුරට සහ දකුණට එකම නීතියක් ඉල්ලන ඇමති




අතුරුදන්වූවන් පිළිබද සොයාබැලීමේදී උතුරට මෙන්ම දකුණටද එක් නීතියක් කි‍්‍රයාත්මක වියයුතු බව ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. කොළඹ පදනම් ආයතනයේ ඊයේ (30) පස්වරුවේ පැවති අතුරුදන්වූවන්ගේ මහජන සභාව අමතමින් ඔහු මේ බව කියාසිටියා.

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප‍්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහද මෙහිදී අදහස් පළ කළා. අතීතය හාරා ඇවිස්සීමෙන් සිදුවන්නේ අවිශ්වාසය, සැකය සහ වෛරය වර්ධනයවීම පමණක් බවයි නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මෙහිදී කියාසිටියේ.