Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව එංගලන්තයට පරදී




ශී‍්‍ර ලංකාව සතුව තිබුණු එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ (443/9) ලෝක වාර්තාව තමන් සතුකර ගැනීමට එංගලන්තය ඊයේ (30) රාති‍්‍රයේ සමත් වුණා. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහි 3 වන එක්දින තරගයේදී පන්දුවාර 50 තුළ කඩුලූ 3 කට ලකුණු 444 ක් රැස් කර ගනිමින්.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඇලෙක්ස් හේල්ස් පන්දු 122 කදී වාර්තා කළ ලකුණු 171 ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 22 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වුණා. ජොස් බට්ලර් ලකුණු 90 ක් රැස්කළ අතර ජෝ රූට් ලකුණු 85 ක් රැස්කිරීමට සමත් වුණා. ටෙ‍්‍රන්ඞ් බි‍්‍රජ්හි පැවති මෙම තරගයේ පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 42 යි පන්දු 4 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 275 ක් පමණයි.

මීට පෙර එක්දින තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහිව කඩුලූ 9 ක් දැවී රැස්කළ ලකුණු 443 යි. ඒ අනුව එංගලන්තය ඊට වඩා එක් ලකුණක් ලබාගනිමින් මෙම වාර්තාව බිද දමනු ලැබුවා.