Thursday, April 25, 2024

General line - 0115112241

ජනපතිතුමනි මරන්න ආ මිනිහාට සමාව දුන්නානම් හැකරාට දෙන්න බැරිද?




ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ පාසල් සිසුවාට සානුකම්පිතව සලකා ඉදිරි කි‍්‍රයාමාර්ග ගතයුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. ඔහු පෙන්වා දුන්නේ අදාළ සිසුවාගේ දක්‍ෂතා නිසි මාර්ගයට යොමු කිරීමට කටයුතු කිරීම වඩා වැදගත් වන බවයි.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි බෝම්බකරුට සහ සීගිරියේ කැටපත් පවුරට හානිකළ තරුණියට සමාව දුන් ආකාරයට මෙම සිසුවාටද සමාවක් දීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල වැඩිදුරටත් පැවසුවේ.