Friday, March 29, 2024

General line - 0115112241

වැව් බැමි කඩන කෘෂි රසායනයක් හොර පාරෙන් ලංකාවට




ග්ලයිෆොසෙඞ් අඩංගු කෘෂි රසායනික අළෙවි කිරීම ශී‍්‍ර ලංකාව තුළ තහනම් කර තිබියදී සංවිධානාත්මක පිරිසක් පළාත් කිහිපයක ඒවා අළෙවි කරමින් සිිටින බව අනාවරණ වී තිබෙනවා. රජරට වකුගඩු රෝගයට හේතු සොයා පරීක්‍ෂණ පැවැත්වූ කණ්ඩායමේ සාමාජික වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් කුඩු විශේෂයක් ලෙස නව කෘෂි රසායනිකයක් මෙරට වෙළද පොළට ගෙන්වා ඇති බවයි.

මෙම උග‍්‍ර විෂ රසායනිකය මිනිස් සිරුරට මෙන්ම මෙරට වැව් පද්ධතියටද දැඩි හානිදායක බවයි වෛද්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් සදහන් කළේ. මෙම රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා පස් බන්ධනයට උපකාරී වන ක්ෂුද්‍ර ජීවීන්ද විනාශවන බවයි ඔහු පැවසුවේ. මේ නිසා සුළු ගං වතුර තත්වයකදී වුවද වැව් බැමි කැඩීයාමේ අවදානමක් පවතින බව වෛද්‍යවරයා පවසනවා.

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ නිපදවන මෙම රසායනික ද්‍රව්‍ය මුහුදු මාර්ග ඔස්සේ රටට ඇතුළුවීම වැළැක්වීමට මුහුදු ආරක්‍ෂාව තරකළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

Gliposet www.nethnews.lk 0001 Gliposet www.nethnews.lk 0002