Wednesday, April 24, 2024

General line - 0115112241

තුර්කියේ ගුවන් තොටුපොළකට ප්‍රහාරයක්! 36ක් මරුට (PHOTOS/VIDEOS)




තුර්කියේ ස්ථාන්බුල් නගරයේ ඇටර්ටක් ගුවන් තොටුපලට එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරය කුර්දි බෙදුම්වාදී ත‍්‍රස්ත කණ්ඩායම් හෝ අයි.එස්. ත‍්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ල කරන්නට ඇතැයි සැක පළ වන බව විදෙස් වාර්තා පවසනවා.

පුද්ගලයන් තුන් දෙනෙකු ප‍්‍රහාරයට එක්ව ඇති බව එම වාර්තාවල දැක්වෙනවා. ප්‍රහාරයෙන් මරණයට පත්වූ පිරිස 36ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 140 කට තුවාල සිදුව ඇති බවද පැවසෙනවා.

වෙඩි ප‍්‍රහාර මාලාවක් සහ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් ගුවන් තොටුපලට එල්ල වී ඇති බවද අදාළ වාර්තාවල සඳහන්. මේ වන විට ගුවන් තොටුපල ආරක්ෂාව තහවුරු කර ඇති බවයි තුර්කි බලධාරීන් ප‍්‍රකාශ කළේ.

ප‍්‍රහාරය එල්ල වූ මෙම ගුවන් තොටුපල යුරෝපයේ කාර්යබහුලම ගුවන් තොටුපලක් ලෙස සැලකෙනවා. අදාළ ප‍්‍රහාරය එල්ල වන ආකාරය ගුවන් තොටුපලේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව ඇති අයුරු දැක්වෙන වීඩියෝපටද මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය මගින් මුදා හැර තිබෙනවා.

01 02 03 04 05 06