Thursday, April 25, 2024

General line - 0115112241

‘පොලිසිය’ හඳුන්වන නම වෙනස් කෙරේ




ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හැඳින්වීම සඳහා මින් ඉදිරියට වෙනත් නාමයක් භාවිතා කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ පොලීසිය එක් එක් කාලවකවානුවලදී විවිධ නාමයන්ගෙන් හැඳින්වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ගැණුනා.

ඒ අනුව ශී‍්‍ර ලංකා පොලීසිය යන නාමය මින් ඉදිරියට භාවිත කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

1865 දී එය ශී‍්‍ර ලංකා පොලිස් බලකාය වශයෙන් හඳුන්වනු ලැබුවා. 1945 න් පසු හඳුන්වනු ලැබුවේ පොලිස් දෙපාර්තමේන්තුව වශයෙන්. 1972 වර්ෂයේ සිට ශී‍්‍ර ලංකා පොලිස් සේවය ලෙස එය හැඳින්වීමටයි තීරණය කෙරුණේ. ශී‍්‍ර ලංකා පොලිසිය සිය 150 වන සංවත්සරය සමරන්නේද මේ වසරේදීයි.