Saturday, April 20, 2024

General line - 0115112241

ඇවන්ගාර්ඩ් නඩුව ගෝඨා ට වැටෙයි




පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාර්ඞ් සමාගමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් චෝදනා නගමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අටදෙනෙකුට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව අද (31) නඩුවක් පැවරුවා.

එ් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේයි. 2012 වසරේ අගෝස්තු මාසයේ සිට 2015 වසරේ ජනවාරි මාසය දක්වා අදාළ අවි ගබඩාවෙන් ඇවන්ගාර්ඞ් සමාගම රුපියල් බිලියන 11ක ආදායමක් උපයා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මෙහිදි අධිකරණයට දැනුම්දුන්නා.