Saturday, April 20, 2024

General line - 0115112241

දඹුල්ලේ ක්‍රීඩාලෝලීන්ට කඳුළු ගෑස්




රංගිරි දඹුලු ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගණය ඉදිරිපිටදී උද්ඝෝෂණයකද යෙදි සිටි කී‍්‍රඩා ලෝලීන් පිරිසකට පොලීසිය මීට නොබෝ වේලාවකට පෙර කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා.

උද්ඝෝෂණය සිදු කෙරුණේ ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර දැන් පැවැත්වෙන කි‍්‍රකට් තරගය නැරඹීම සඳහා ප‍්‍රවේශපත‍්‍ර නොමැති බව පවසමින්.

මෙම තරගය සඳහා සියලු ප‍්‍රවේශපත‍්‍ර විකිණී අවසන් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (30) නිවේදනය කළා. කෙසේ වෙතත් කී‍්‍රඩාංගණය තුළ බොහෝ ආසන තවමත් හිස්ව පවතින බවයි උද්ඝෝෂණයේ යෙදී සිටින කී‍්‍රඩා ලෝලීන් පවසන්නේ. රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ ඇති මුළු ආසන සංඛ්‍යාව දහඅටදහසක් වනවා.

DSC08861 DSC08881 DSC08887 DSC08889 DSC08898 DSC08903 DSC08904


තරගය අතරතුර ක්‍රීඩාලෝලීන් උද්ඝෝෂණයක

(Aug 31, 2016 @ 16:37)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දඹුල්ලේදී දැන් පැවැත්වෙන තරගය අතරතුර ක්‍රීඩාලෝලීන් පිරිසක් උත්ඝෝෂණයක නිරත වනවා.

මෙම පිරිස A9 මාර්ගය අවහිර කරමින් දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වන්නේ තරගය නැරඹීමට ප්‍රවේශපත්‍ර නොමැති බව පවසමින්.